රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් තාවකාලිකව වසා දැමීමට පියවර

by Chathuranga Rajapaksha 27-03-2020 | 3:10 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීම සඳහා වැඩබලන පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බව ය.