බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වැළඳෙයි

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වෙයි

by Chathuranga Rajapaksha 27-03-2020 | 5:21 PM
 

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කළේය.

බොරිස් ජොන්සන් 55 හැවිරිදි වියේ පසුවේ. බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 11,000කට වැඩි පිරිසක් සිටින අතර පුද්ගලයින් 580ක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ පිරිස 150කි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුගිය 25 වැනිදා අනාවරණය විය. චාල්ස් කුමරු මේ වනවිට 71වැනි වියේ පසුවේ.