බණ්ඩාරගම, අටලුගම නිවාස 20ක පදිංචිකරුවන්ට ප්‍රදේශයෙන් පිටවීම තහනම්

by Staff writer 27-03-2020 | 10:48 PM

COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 7 ක් අද පස්වරුවේ වසා දැමුණි.

එම ප්‍රදේශයෙන් කොරෝනා අසාදිත රෝගියෙකු හමුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ආරක්ෂක අංශ අද පස්වරුවේ අටලුගම ප්‍රදේශයේ පිවිසුම් මාර්ග 6 ක් වසා දැමූ අතර ජනතාවට නිවෙස්තුළම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව නිවාස 20ක පදිංචිකරුවන්ට ප්‍රදේශයෙන් පිටවීම තහනම් කර තිබෙන අතර පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට පිවිසීම ද තහනම් කර තිබේ.