නීති තදින්ම ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්

by Chathuranga Rajapaksha 27-03-2020 | 4:00 PM

COLOMBO (News 1st ) - දැනට රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙන්නේය.

පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.