පැය 24 ක් තුළ පුද්ගලයින් 533 ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4018 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-03-2020 | 7:52 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4018 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වැනි දා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 1033 ක් ද පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 533 ක් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. එම කාලය තුළ වාහන 98 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.