පෙබරවාරි, මාර්තු VAT බදු ගෙවීම දීර්ඝ කෙරේ

පෙබරවාරි සහ මාර්තු මාසයේ සඳහා VAT බදු ගෙවීම අප්‍රේල් 30 වැනි දා තෙක් දීර්ඝ කෙරේ

by Staff writer 27-03-2020 | 11:08 AM

COLOMBO (News 1st) - 2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) ගෙවීම සඳහා අප්‍රේල් 30 වැනි දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉහත සඳහන් කාල සීමා සඳහා 2020 අප්‍රේල් 30 දින හෝ එදිනට ‍පෙර කරනු ලබන ගෙවීම්, නියමිත දිනට කරනු ලබන ගෙවීම් සේ සළකනු ලබන අතර පද්ධතිය මගින් ඉහත සඳහන් කාල සීමා සඳහා ප්‍රමාද ගෙවීම් මත පනවනු ලබන දණ්ඩන ඉවත් කරනු ලැබේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ බදු ගෙවීම් පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ පහත දැක්වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනය