නිරෝධායනයට ලක් වූ සිව්වන කණ්ඩායමත් නිවෙස් වෙත

නිරෝධායනය කෙරුණු 503 දෙනෙකු නිවෙස් වෙත පිටත් කෙරේ - යුද හමුදාපති

by Hashini De Mel 27-03-2020 | 11:03 AM

COLOMBO (News 1st) - විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, පුද්ගලයින් 503 දෙනෙකු එලෙස නිවෙස් වෙත පිටත් කර හැරි බවයි.