නිරෝධායනයට ලක් වූ සිව්වන කණ්ඩායමත් අද නිවෙස්වලට

නිරෝධායනයට ලක් වූ තව ත් 500 කට නිවෙස් වෙත යාමට අද අවසර

by Staff writer 27-03-2020 | 7:34 AM

COLOMBO (News 1st) - විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත් ව යාමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව 500 කට අධික පිරිසක් එලෙස පිටත් කර යැවෙන බවයි. ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි.