මහජන පැමිණිලි වෙනුවෙන් පැය 24පුරාම සේවය ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24පුරා විවෘත කිරීමට පියවර

by Chathuranga Rajapaksha 27-03-2020 | 1:04 AM

COLOMBO (News 1st): පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සබඳතා අංශය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි දුරකතන අංක කිහිපයක් මහජන සබඳතා අංශය විසින් නිකුත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම දුරකතන අංක මෙසේය... රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරක්ම පිළිබඳව හෝ පැමිණිලි අංක 011 235 4550 / 011 235 4655 එම දුරකතන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ සෘජු දුරකතන අංක 011 235 4354 අමතා දිගු අංක 3872 / 3873 / 3874 / 3875 ඔස්සේ සම්බන්ධ විය හැකිය. මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතාගේ දුරකතන අංකය 077 374 3718 කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් සඳහා දුරකතන අංක 011 286 0003 / 011 286 0004 011 235 4354 අමතා දිගු අංක 3355 ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමට පියවර ගන්නා අතර ජනාධිපතිතුමා දෙනු ලබන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.