Covid-19: ස්විට්සර්ලන්තයේදී ලාංකිකයෙකු මිය යයි

කොරෝනා ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

by Staff writer 27-03-2020 | 9:15 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 59 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසුවේ, සේවය සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.