අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ගෙනැවිත් දීමේ වැඩපිළිවෙළක් PickMe අරඹයි

by Staff writer 27-03-2020 | 11:16 PM

COLOMBO (News 1st) - අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙනැවිත් දීමේ වැඩසටහනක් PickMe සමාගම විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

එහිදී වෙළඳපොළේ පවතින මිලට ප්‍රවාහන ගාස්තුවක් පමණක් අය කරමින් අදාල භාණ්ඩ ප්‍රවාහනය කර දීමට එම සමාගම කටයුතු යොදා ඇතැයි එහි මෙහෙයුම් ප්‍රධානී මෙවන් පිරිස් මහතා ප්‍රකාශ කළේය. "පවත්නා ආපදා තත්ත්වය අතරතුරදී PickMe සමාගම ඇප කැපවී සිටිනවා නිවෙස්වලට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඩිලිවරි කරලා ලබා දීමට. ඒ සමගින් ඉරිදා දවසේ සිට දැන් දක්වා ලිට්‍රෝ ගෑස් සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන ගෑස් සිලින්ඩර ඩිලිවරි කිරීමේ ප්‍රයත්නයක යෙදිලා තියෙනවා. කොළඹ, ගම්පහ, මහනුවර දිස්ත්‍රිකය යන දිස්ත්‍රික තුනේ ගෑස් නිවෙස්වලට ඩිලිවරි කිරීමට අපිට හැකිවෙලා තියෙනවා. ඒ සමගම සතොස ආයතනයත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට ලබාදීමට අපි කටයුතු කරනවා. එත් එක්කම අපි සියලුම පෞද්ගලික සුපිරි වෙළදසැල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වෙළඳසැල් සමගින් වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා"