පෙබරවාරි සහ මාර්තු මාසයේ සඳහා VAT බදු ගෙවීම අප්‍රේල් 30 වැනි දා තෙක් දීර්ඝ කෙරේ

පෙබරවාරි සහ මාර්තු මාසයේ සඳහා VAT බදු ගෙවීම අප්‍රේල් 30 වැනි දා තෙක් දීර්ඝ කෙරේ

පෙබරවාරි සහ මාර්තු මාසයේ සඳහා VAT බදු ගෙවීම අප්‍රේල් 30 වැනි දා තෙක් දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

27 Mar, 2020 | 11:08 am

COLOMBO (News 1st) – 2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) ගෙවීම සඳහා අප්‍රේල් 30 වැනි දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉහත සඳහන් කාල සීමා සඳහා 2020 අප්‍රේල් 30 දින හෝ එදිනට ‍පෙර කරනු ලබන ගෙවීම්, නියමිත දිනට කරනු ලබන ගෙවීම් සේ සළකනු ලබන අතර පද්ධතිය මගින් ඉහත සඳහන් කාල සීමා සඳහා ප්‍රමාද ගෙවීම් මත පනවනු ලබන දණ්ඩන ඉවත් කරනු ලැබේ.

රට තුළ පවතින තත්ත්වය හමුවේ බදු ගෙවීම් පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ පහත දැක්වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]