පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි

Covid-19: පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි

by Chathuranga Rajapaksha 26-03-2020 | 9:40 PM

COLOMBO (News 1st): වහාම ක්‍රියාත්මකවන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව ලබන මස 10 වැනිදා දක්වා එම අවලංගු කිරීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා පොලීසියේ උපරිම දායකත්වය ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.