සාලියවැව ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නකින් අක්කර 100කට හානි

by Staff writer 26-03-2020 | 4:33 PM

COLOMBO (News1st) - සාලියවැව ප්‍රදේශයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන්නියාගම රක්ෂිතයේ හටගත් ගින්නක් පැතිරී යාමෙන් අක්කර 100 ක පමණ භුමි ප්‍රදේයක් විනාශ වි තිබේ.

ඊයේ පෙරවරුවේ ආරම්භ වූ ගින්න පස්වරුව දක්වා පැවති බව අප වාර්තාකරු සඳහන් කළේය. ප්‍රදේශවාසීන් හා එක්වූ පොලීසියට ගින්න මැඩපැවැත්වීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. අනතුරුව තබ්බෝව යුද හමුදා කඳවුරේ සාමාජීකයින් පිරිසක් ගින්න නිවාදැමීමට එක්වූ අතර පස්වරු 6.00 පමණ වනවිට ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට පිරිස සමත් වූහ