විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර - මුදල් අමාත්‍යාංශය

by Staff writer 26-03-2020 | 7:58 AM

COLOMBO (News 1st) - විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි. මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.