ඉතාලියට පසුව වැඩිම කොරෝනා බලපෑම ස්පාඤ්ඤයට

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 21,000 ඉක්මවයි

by Staff writer 26-03-2020 | 9:40 AM

News 1st - කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හැට අට දහස ඉක්මා ගොස් ඇති බවයි. යුරෝපා කලාපයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 7503 ක් වේ. එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 74,386 ක්. ඉතාලියට පසුව යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති රට වන්නේ ස්පාඤ්ඤ යයි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 3647 දක්වා ඉහළ ගොස් ඇත්තේ චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද අභිබවමිනි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද 49000 ඉක්මවයි. විදෙස් වාර්තා අනාවරණ කළේ, ස්පාඤ්ඤයේ, මැඩ්රීඩ් හා කැටලෝනියා කලාපවල වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවය. ස්පාඤ්ඤය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාමෙන් කැල්වෝටද කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත. මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලෝරීඩා හා ටෙක්සාස් ප්‍රාන්තවල ප්‍රධාන විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. අමෙරිකාවෙන් ආසාදිතයින් 65,797 දෙනෙකු වාර්තා වන අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 935 කි.