by Staff writer 26-03-2020 | 6:56 PM
COLOMBO (News 1st) - ලබන 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන මේ යටතට ගනු ලබන බවය.
මෙම කාලසීමාව රජයේ නිවාඩු දින නොවන අතර, මහජන සේවා අඛණ්ව පවත්වාගෙන යාම සහ ජනතාව එක්රැස්වීම අවම කිරිමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්විය.
මීට පෙර පසුගිය 20 වැනිදා ද නිවසේ සිට වැඩ කරන සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.