COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම ද සෙසු අත්‍යාවශ්‍ය සේවා වන බවය.
එබැවින් පොලිස් ඇඳිරි නීතිය බලාත්මක කාලය තුළ, ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු බැංකු සහ රක්ෂණ ආයතන සහ මහා භාණ්ඩාගාරය ද විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
