පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවලට ලබන 30 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

by Staff writer 26-03-2020 | 9:14 AM

COLOMBO (News 1st) - අද පෙරවරු 6.00 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්ක 16 ක පොලිස් ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කිරීම අද පස්වරු 2.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවයි. එදින පස්වරු 2.00 ට යළි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇති. මේ අතර පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 ට අවසන් කිරීමට නියමිතය. එම දිස්ත්‍රික්ක සඳහා යළි හෙට පස්වරු 2.00 ට ඇඳිරි නීතිය පැනවෙනු ඇති. ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය බලාත්මක වන අතර යළි එදිනම පස්වරු 2.00 පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ අතර අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.