කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

by Chathuranga Rajapaksha 26-03-2020 | 2:35 PM

COLOMBO (News 1st): හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද පස්වරු 1.00 සිට රාත්‍රී 10 දක්වා පැය 9ක කාලයක්, කොළඹ 1,2,3,6,7,8,9,10,11,12 සහ 13 ප්‍රදේශවලට ජල සැපයුම ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 4 සහ 14 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.