කොරෝනා වැළඳුණු තවත් සිව් දෙනෙකුට සුවවෙයි

කොරෝනා වැළඳී සුවය ලැබූ තවත් සිව් දෙනෙකු IDH රෝහලෙන් පිටව යයි

by Chathuranga Rajapaksha 26-03-2020 | 4:11 PM

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා IDH රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව සුවය ලබා රෝහලින් පිටව ගිය රෝගීන් ගණන 7කි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා නොවූ බව ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව අවසන් රෝගීය වාර්තා වී ඇත්තේ පසුගිය 24 වැනිදාය.