අද පස්වරු 4.45 දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු අද දිනයේත් පස්වරු 4.45 දක්වා වාර්තා වී නැහැ – සෞඛ්‍ය ඇමති

by Chathuranga Rajapaksha 26-03-2020 | 6:13 PM

COLOMBO (News 1st): අද (26) දිනයේත් පස්වරු 4.45 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

ඇය ඒ බව තහවුරු කරනු ලැබුවේ Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 102ක් බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නීය. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා අද (26) එම රෝහලෙන් පිටව ගිය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.