Online භාණ්ඩ අලෙවිකරුවන්ට දැනුම් දීමක්

අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි

by Staff writer 26-03-2020 | 12:33 PM

COLOMBO (News 1st) - අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ, ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.