අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 26-03-2020 | 7:52 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සියලු ශාඛා විවෘත කර ඇති බව ලංකා සතොස ආයතනය පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ආහාර ඇසුරුම්ගත කර ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳ සැල් ද අද උදෑසන සිට විවෘතව තැබෙනු ඇති. මේ අතර පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 4.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ කොළඹ මැනිං වෙළෙඳපොළ මගින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. පොලිස් ඇඳිරි නීතිය කාලය ද ඇතුළුව ඉහත කාලය තුළ පිටකොටුව මැනිං වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරීම සඳහාත්, එම එළවළු තොග පිට ස්ථානවල තොග වෙළෙඳ සැල් කරා ප්‍රවාහනය කිරීමටත් අවසරය හිමිවේ.