by Staff writer 26-03-2020 | 7:43 AM
COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් උතුරු පළාතත් හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා බලාත්මක පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00 ට ලිහිල් කළේය.
පොලීසිය පැවසුවේ, අද දහවල් 12.00ට එම දිස්ත්‍රික්ක සඳහා යළි පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බවයි.
කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය බලාත්මකය.
පුත්තලම හා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ට හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වේ.
එදිනම දහවල් 12.00 ට එම දිස්ත්‍රික්ක සඳහා යළි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියමිතය.
පොලිස් ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් අතර විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වේ.
පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, එළවළු, මාළු, සත්ත්ව ආහාර සහ ඖෂධ ප්‍රවාහනයට ඉඩ දෙනු ඇති.
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙන්නේය.