ආයෝජන කලාපවල ශ්‍රමිකයින්ට ගමට යන්න සැලැසුමක්

ආයෝජන කලාපවල ශ්‍රමිකයින්ට ගම්බිම් බලා යාමට සැලැස්මක්

by Chathuranga Rajapaksha 26-03-2020 | 2:49 PM

COLOMBO (News 1st): ගම්බිම්වලට යාමට නොහැකිව ආයෝජන කලාපවල සිටින ශ්‍රමිකයින්ට ගම්බිම් බලා යාමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ආරක්ෂක අංශ සහයෙන් එම වැඩපිළිවෙළ හෙට (27) සිට ක්‍රියාත්මක කරන බව ය. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කොළඹ, ගම්පහ සහ කළුතර අධි අවදානම් කලාපයක් බවට නම් කිරීම හේතුවෙන් ආයෝජන කලාපවල සිටින ශ්‍රමිකයින්ට ගම්බිම් බලා යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. රජය සහ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට අනුව ඔවුන් මේ වනවිට ආයෝජන කලාපවල රැඳි සිටී.