COVID-19:FB හරහා බොරු ප්‍රචාරය කළ අයෙකු රිමාන්ඩ්

COVID-19 ගැන Facebook හරහා බොරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියාට වැඩ වරදී

by Chathuranga Rajapaksha 25-03-2020 | 3:55 PM

COLOMBO (News 1st): COVID-19 වෛරසය පිළිබඳ Facebook ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ, ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.