by Staff writer 25-03-2020 | 8:55 PM
COLOMBO (News 1st): Covid-19 තර්ජනය හමුවේ, ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.
ජනාධිපතිතුමා ඉල්ලා ඇත්තේ, දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ය.
බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනාධිපතිතුමා ඉල්ලා තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම සහනය උපකාරී වනු ඇතැයි, ජනාධිපතිතුමා පෙන්වා දී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.