ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිත මරණ ගණන චීනය අභිබවා යයි

ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිත මරණ ගණන චීනය අභිබවා යයි

by Staff writer 25-03-2020 | 6:37 PM

COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ ස්පාඥ්ඤයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 738ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 3,434 දක්වා ඉහළ ගොස් තිබේ. ස්පාඥ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව අද චීනය අභිබවා ගියේ ය. ඒ අනුව ස්පාඥ්ඥයේ මරණ සංඛ්‍යාව දෙවැනි වන්නේ ඉතාලියට පමණි. මේ වනවිට ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයින් 47,000 ක් වාර්තා වේ. ලොවපුරා මරණ සංඛ්‍යාව 19,618 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.