by Staff writer 25-03-2020 | 8:20 AM
COLOMBO (News 1st) - වීරකැටිය, වෑකදවල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ සවස වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි තැබීමෙන් මියගියේ වීරකැටිය, කෙමේගල, වෑකදවල පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු පියෙකි.
පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයාගේ නිවසේ සිට කිලෝමීටරයක් පමණ අතුරු මාර්ගයකදී පිටුපසින් පැමිණ වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
ඊයේ දහවල් කාලයේදී ඇතිවූ පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවට පොලීසිය සැකපළ කළේය.