සහන මිලට බඩු මල්ලක්

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට සහන මිලට බඩු මල්ලක්

by Staff writer 25-03-2020 | 3:09 PM

COLOMBO (News 1st ) - පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ සමූපකාර හරහා ජනතාවට සහන මිලට බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

හැටන් විවිධ සේවා සමූපකාර සමිතිය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් වතුකරයේ නිවාසවලට බෙදා දීම ඊයේ ආරම්භ කෙරිණි. දික්ඔය, හැටන්, ඇබෝස්ලි, පැන්මූර් වැනි වතුවලට එලෙස ආහාර පාර්සල් බෙදා දුන් අතර රුපියල් 1200, රුපියල් 1000, රුපියල් 500 මිල ගණන් යටතේ ඒවා අලෙවි කෙරිණි. හැටන් ප්‍රදේශයේ ඖෂධ වෙළසැල් ද අද විවෘත කර තිබුණි. හිඟුරක්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් නිවෙස්වලට බෙදා දීම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කර තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ රුපියල් 500 සහ 1000 බැගින් වූ පාර්සල් මෙහිදී බෙදා දුන් බව ය. පොලිස් ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර අලෙවි කිරීමේ අවසරය පොලීසිය විසින් ලබා දී තිබේ. කන්තලේ පොලීසිය ඉදිරිපිට බිත්තර මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලීම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.