පොලිස් ඇඳිරි නීතිය: 3700 අධික පිරිසක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට

by Staff writer 25-03-2020 | 9:47 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා සවස 6.00 සිට ඊයේ රාත්‍රී දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. මේ අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් වන අතර ඒ පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි යොදා ඇති මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.