පිටව ගිය පිරිසක් යළි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

පූනානිවලින් පිටවූ පිරිසක් යළි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

by Staff writer 25-03-2020 | 11:50 PM

COLOMBO (News 1st): පූනානි නිරෝධායනයන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක්ව සිය නිවෙස් වෙත යමින් සිටි පිරිසක් නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, බස් රථයේ සිටි ළමයෙකුට උණ වැළඳීම හේතුවෙන් එම පියවර ගත් බව ය. මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු දෙවන කණ්ඩායම අද අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කෙරිණි. පූනානි මධ්‍යස්ථානයේ රැඳී සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳී සිටි 144 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව ගිය බව යුද හමුදාව සඳහන් කළේය. කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූයේ ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි. ඔවුන් මහනුවර, මාතර, හම්බන්තොට, කුරුණෑගල සහ ගාල්ල යන නගර වෙත රැගෙනයාමට යුද හමුදාව කටයුතු කර තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/2577448379179035/