නිරෝධායනය වූ දෙවන කණ්ඩායම නිවෙස්වලට

නිරෝධායනය වූ 201 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවෙස්වලට

by Staff writer 25-03-2020 | 1:01 PM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු දෙවන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත් කර තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, 201 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යැවූ බවයි. ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි. ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැඳී සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳී සිටි 144 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව ගොස් ඇත. ඔවුන් මහනුවර, මාතර, හම්බන්තොට, කුරුණෑගල සහ ගාල්ල දක්වා යුද හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට පියවර ගැණුනි.