නිරෝධායනයට ලක් වූ තව ත් පිරිසක් අද නිවෙස්වලට

නිරෝධායනයට ලක් වූ තව ත් පිරිසක් අද නිවෙස්වලට

by Staff writer 25-03-2020 | 7:16 AM

COLOMBO (News 1st) - විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තව ත් කණ්ඩායමක් අද එම මධ්‍යස්ථානවලින් පිටත් කිරීමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න ප්‍රධාන නගර වෙත රැගෙන යන බවයි. මේ අතර නිරෝධායනයට ලක් වූ 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ඊයේ සිය නිවෙස් වෙත යොමු කෙරුණි. ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට Covid19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණි පිරිසකි. ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැඳී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳී සිටි 108 දෙනෙකු ඊයේ දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව ගොස් තිබේ.