දානය නොමැති විහාරස්ථානවලට පහසුකම් සැලසීමට පියවර

දානය නොමැති විහාරස්ථානවලට පහසුකම් සැලසීමට පියවර

by Staff writer 25-03-2020 | 6:28 PM

COLOMBO ( News 1st ) - දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ කොරෝනා වෛරසය හේතුවෙන්, රට තුළ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගනිමිනි. එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් ලබා ගැනීමට අපේක්ෂිතය. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0714 42 20 06 / 0382 23 28 68 / 0714 39 44 49 / 0372 26 72 25 යන අංකවලින් ලබාගත හැකි වේ.