චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

චාල්ස් කුමරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

by Chathuranga Rajapaksha 25-03-2020 | 4:30 PM

COLOMBO (News 1st): බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු කළ බව බීබීසී ලෝක සේවය වාර්තා කළේය.

බීබීසී වාර්තාවේ දැක්වුණේ චාල්ස් කුමරු හා බිරිඳ කැමිලා මේ වනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල්හී ස්වයං නිරෝධායනයට ලක්වන බවය. 71 හැවිරිදි චාල්ස් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇති අතර බිරිඳ කැමිලා අසාදනයට ලක්ව නොමැති බව ද තහවුරු කර තිබේ. චාල්ස් කුමරු, සිය මව වන එළිසබෙත් මහ රැජින අවසාන වරට හමුවී තිබුණේ පසුගිය මාර්තු 12 වැනිදාය. ඊට දින 3කට පෙර මහ රැජින සහ පවුලේ සාමාජිකයින් පොදුරාජ්‍ය මණ්ඩල දින දේව මෙහෙයට සහභාගි වූ අතර එහිදී සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යාමට ද වගබලාගෙන තිබුණි.