වීසා පහසුකම් අත්හිටවූ කාලය දීර්ඝ කෙරේ

ගුවන් මගීන්ට මෙරටට පැමිණීමේ තහනම ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 25-03-2020 | 11:59 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කර ඇති ETA ඇතුළු වීසා පහසුකම් අත්හිටවු කාලය තව ත් දීර්ඝ කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසුවේ, ලබන 31 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එම වීසා පහසුකම් අත්හිටුවා ඇති බවයි. මේ අතර මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එහි සභාපති උපුල් ධර්මදාස මහතා අවධාරණය කළේ, මෙරටින් පියාසර කරන යානාවලට කිසිදු බාධාවක් නොමැති බවයි.