COLOMBO (News 1st ) - පිටකොටුව මැනිං තොග වෙළඳ මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරිම සඳහාත්, එළවළු තොග පිට ස්ථානවල තොග වෙළදසැල් කරා ප්‍රවාහනය කිරිම සඳහාත් භාණ් ප්‍රවාහනය කරන රථවලට අවශ්‍ය අවසරය ලබා දී ඇතැයි පොලිසිය පවසයි.
මේ බව අනාවරණය වූයේ පිටකොටුව මැනිං වෙළෙඳ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
මැනිං පොදු වෙළෙද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා
"අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්න අවසර දී තියෙනවා. ලංකාවේ හැමතැන්නම ආහාර එනවා. ඒ බඩු මිලදී ගැනීමට ව්යාපාරකින්ට එන්න පුළුවන් ඒවාට බාධාවක් නැහැ"
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා
"අපි පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අදාල ලොරි රථවලට මාර්ග බාධකවලදී අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා"