අද පස්වරු 4.30 දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු අද පස්වරු 4.30 දක්වා වාර්තා වී නැහැ - සෞඛ්‍ය ඇමති

by Chathuranga Rajapaksha 25-03-2020 | 5:22 PM

COLOMBO (News 1st): අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

ඇය මේ බව තහවුරු කළේ, Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 102ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසු බව එම නිවේදනයේ සඳහන් විය.