COVID19: අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

by Staff writer 24-03-2020 | 6:07 PM
පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විය. මෙහිදි සාකච්ජාවට ලක්ව ඇත්තේ උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. මීට පක්ෂ නායකයින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට පක්ෂ නායකයින් එකඟ වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , විජිත හේරත් , දයාසිරි ජයසේකර , රාවුෆ් හකීම් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හමුදාපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.