යාපනය, තාවඩිහී ජනතාවට නිවාස තුළම රැඳි සිටීමට නියෝග

COVID-19: යාපනය, තාවඩි ප්‍රදේශයේ ජනතාවට නිවෙස් තුළම රැඳි සිටීමට නියෝග

by Staff writer 24-03-2020 | 9:26 PM

COLOMBO (News 1st): කොරෝනා වෛසරය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගියෙකු හමුවීමත් සමග යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තාවඩි ප්‍රදේශයේ ජනතාවට නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ තාවඩි ප්‍රදේශයේ ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වීමටත්, වෙනත් ප්‍රදේශවලින් එම ප්‍රදේශවලට ඇතුළුවීමටත් නොහැකි වන අයුරින් මාර්ග වසා දමා ඇති බව ය. මෙම ප්‍රදේශයේ පවුල් 300 ක් පමණ වාසය කරනු ලැබේ. යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා මේ සමබ්න්ධයෙන් අදහස් පළ කළේය.
අරියාලෙයි ප්‍රදේශයේ සිද්ධිය සම්බන්ධයෙන් 212 දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා. ඔවුන්ගෙන් 17 දෙනෙකු හඳුනාගත් අසාදිතයා සමග සමීපතව ඇසුරු කිරීම හේතුවෙන් පලාලි කොරෝනා නිරෝධායනය මධයස්ථානයට යොමුකර තිබෙනවා. කොරෝනා අසාධිතයා හමුවූ තාවඩි ප්‍රදේශයේ නිවස ආශ්‍රිත සියලුදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ නියෝගය නිකුත් කර තිබෙනවා. දේවගැතිවරයා මෙරටට පැමණීමේදී රජයේ උපදෙස් පිළිපැද තිබුණේනම් මෙය වළක්වා ගන්න තිබුණා. අසාධිතයාගේ බිරිඳ සමෘධි නිලධාරිනියක්. ඇය 214 දෙනෙකුට සමෘදි දීමනාව ලබා දී ඇතැයි අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව ඔවුන් නිරෝධායනයට ලක්කර තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියද මේ පිළිබඳව අදහස් පළ කළාය.
පළාත මේ වනවිට ලොක්ඩවුන් වෙලයි තියෛන්නේ. අනෙකුත් පළාත් සමග සම්බන්ධතා විසන්ධි වෙලා තියෙනවා. රෝගීන් සඳහා අවශ්‍ය බෙහෙත් නිවෙස්වෙත ලබාදීමේ අවසරය ඖෂධහල් වෙත ලබා දී තිබෙනවා. උතුරු පළාතේ ජන ඝනත්වය වැඩි ප්‍රදේශ තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ඉතාමත් අඩු ප්‍රදේශත් තියෙනවා. උතුරු පළාතට මාර්තු 01 වැනිදායින් පසු විදෙස් රටවලින් පැමිණි 1200 දෙනෙකු පමණ නිරෝධායනයට පැමින තිබෙනවා. අනෙක් සිද්ධියට සම්බන්ධ 240 ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා. කොරෝනා වෛරසය ඇදහිල්ලක් මගින් සුව කිරීමට උත්සාහ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයටද පටහැනියි. මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදුකළ පුවත්පත්ද මෙය වටහා ගත යුතුයි. මෙය නිතී විරෝධී කටයුත්තක්.
කොරෝනා වෛරසය අසාධනය වී තිබියදීත් මෙරටට පැමිණ මාර්තු 15 වැනිදා දේව මෙහෙයක් පැවැත්වූ දේවගැතිවරයා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ ස්විට්සර්ලන්තයේ රෝහලකයි. දේවගැතිවරයා යාපනයේදී හමුවූ තාවඩි ප්‍රදේශයේ අයෙකු වෛරසය අසාධනය වීම හේතුවෙන් මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - මාර්තු 01 වැනිදායින් පසු පැමිණි දේවගැතිවරයාට අවසර ලැබුණේ කෙසේද ? උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ පිළිතුර - ඒක ලොකු කතාවක්. පරීක්ෂණ අවසන් විය යුතුයි. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - යම්කිසි පියවරක් ගන්නට හැකි වෙයිද ? උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ පිළිතුර - කටයුතු කරන්න සිදුවේවී. මොහුව පොලිසියනේ ආරක්ෂා කරලා තියෙන්නේ.