සමාජ මාධ්‍යවල වාර්තා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි

COVID-19: හෙලිකොප්ටර් මගින් විෂබීජ නාශක ඉසින බවට සමාජ ජාලවල පළවන වාර්තා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි

by Hashini De Mel 24-03-2020 | 2:27 PM

COLOMBO (News 1st) - COVID-19 වෛරසය තුරන් කිරීමේ අරමුණින් විෂබීජ නාශක වාතයට ඉසීමට හෙලිකොප්ටර් යානා යොදවන බවට පළවන වාර්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ, විෂබීජ නාශක ක්‍රියාවලිය රාත්‍රී 11.30 ට ආරම්භ කරන බවට වූ වැරදි පණිඩුයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බවය. නමුත්, එවැනි මෙහෙයුමක් සිදු නොකරන බව ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කළේය.