මැනිං වෙළෙඳපොළට එළවළු ප්‍රවාහනයට අවසර

පොලිස් ඇඳිරි නීතිය පැවතියද දිනපතා මැනිං වෙළෙඳපොළට එළවළු ප්‍රවාහනයට අවසර

by Staff writer 24-03-2020 | 1:07 PM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ දිනපතා පෙරවරු 4.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ මැනිං තොග වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු ප්‍රවාහනය කිරීමටත් පිට ස්ථානවලට ප්‍රවාහනය කිරීමටත් අවසර ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ අද උදෑසන 6.00ට ලිහිල් කළ පොලිස් ඇඳිරි නීතිය අද සවස 2.00 යළි පනවනු ලබන අතර එය ලබන සිකුරාදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වේ. එසේම අදාල දිස්ත්‍රික්කවලට සිකුරාදා දහවල් 12.00ට පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ඇති. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ලබන බ්‍රහස්පතින්දා උදෑසන 6.00ට ලිහිල් කර එදිනම දහවල් 12ට එම දිස්ත්‍රික්කවලට යළි පනවනු ලැබේ.