කොළඹ, ගම්පහ, කළුතර අධිඅවදානම් කලාප ලෙස නම් කෙරේ

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Hashini De Mel 24-03-2020 | 2:14 PM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසූවේ, ඒ අනුව එම අධිඅවදානම් දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි. ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (24) පස්වරු 2.00ට නිකුත් කරනු ලැබූ නිවේදනය පහත දැක්වේ.