ඉන්දියාවේ සියලු කටයුතු දින 21කට අක්‍රිය කරයි

කොරෝනා නිසා ඉන්දියාවේ සියලු කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට දින 21කට අක්‍රිය කරයි

by Staff writer 24-03-2020 | 10:39 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සමස්ත ඉන්දියාවේ කටයුතු අක්‍රීය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, මෙම අක්‍රීය තත්ත්වය දින 21 ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය. එම කාලය තුළ කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යා නොහැකි වන අතර මෙම තීරණය හමුවේ බිලියන 1.3 ක ඉන්දියානුවන් පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසය ආසාදිතයින් 519 දෙනෙකු මේ වනවිට ඉන්දියාවේ හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. සුවය ලැබූ රෝගීන් ගණන 40කි.