ඔලිම්පික් කල් යයි

ඔලිම්පික් 2021ට කල් යයි

by Chathuranga Rajapaksha 24-03-2020 | 6:45 PM

COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ජූලි මස පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය 2021 වසරට කල්දමා තිබේ.

2020 ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජපානයේ ටෝකියෝ නුවරදී ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල මීට පෙර අවලංගු කර තිබූ නමුත් එය කල්දැමූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.