by Staff writer 24-03-2020 | 8:46 PM
COLOMBO (News 1st): ඇඳිරි නීතිය බලාත්මක කාලය තුළ සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දෛනිකව රෝහල් සායනවලින් සහ ඖෂධ අලෙවිසැල් වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්වීම හමුවේ මෙම තීරණය ගත් බවය.
ඖෂධ අලෙවිසැල් ඇඳිරි නිති කාලසීමාවේ විවෘතව තැබීමට අවශ්‍ය අවකාශ සලසන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.
රෝගියාගේ රෝග විනිශ්චය සහ ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සළකන ලෙසද අමාත්‍යවරිය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
එමෙන්ම ඖෂධසැල්වල සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනයට අවශ්‍ය අවසරය ලබා දෙන්නැයි ද, පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.