කොරෝනා නිසා ඉන්දියාවේ සියලු කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට දින 21කට අක්‍රිය කරයි

කොරෝනා නිසා ඉන්දියාවේ සියලු කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට දින 21කට අක්‍රිය කරයි

කොරෝනා නිසා ඉන්දියාවේ සියලු කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට දින 21කට අක්‍රිය කරයි

කර්තෘ Staff writer

24 Mar, 2020 | 10:39 pm

COLOMBO (News 1st): කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සමස්ත ඉන්දියාවේ කටයුතු අක්‍රීය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, මෙම අක්‍රීය තත්ත්වය දින 21 ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය.

එම කාලය තුළ කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යා නොහැකි වන අතර මෙම තීරණය හමුවේ බිලියන 1.3 ක ඉන්දියානුවන් පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදිතයින් 519 දෙනෙකු මේ වනවිට ඉන්දියාවේ හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

සුවය ලැබූ රෝගීන් ගණන 40කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]