.webp)

* දිස්ත්‍රික්ක 3ක් අවදානම් කලාප ලෙස නම් කෙරේ
* අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අලෙවියට කාර්ය සාධක බලකායක්
* ඖෂධ, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව සැපයීමේ සැලැස්ම හෙට (25) සිට
* ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර
මේ අතර අද උදෑසන 6.00ට පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමගම ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් නගරයට පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර සමහර පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ අතර ඇතැමෙක් එය එතරම් තැකීමක් නොකර සිටිනි ආකාරය අපට දක්නට ලැබුණි.
තවත් පුද්ගලයෙකු අතර මීටරක දුරක් පවත්වා ගනිමින් වෙළඳසැල් වෙත ඇතුළු වනු දක්නට ලැබුණු නමුත් සමහර ප්‍රදේශවල සමූහයක් වශයෙන් සිටින අයුරු ද දක්නට ලැබුණි.
මෙවැනි පසුබිමක් තුළ සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙනු ලබන උපදෙස් නිසි පරිදි ඉටු කිරීම අපගේ වගකීමකි.
මේ හේතුවෙන් මේ වනවිට කොරෝනා මර්දනය අරමුණු කර ගනිමින්කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක
අවදානම් කලාප
බවට නම්කර ඇති අතර අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවසටම ගෙන ගොස් අලෙවි කරන ලෙස රජය තොග වෙළඳ ආයතනවලට උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළඳ සමාගම් එම කාර්යයට හවුල් කර ගන්නා බව එම නිවේදනයේ සඳහන් විය. අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්රව්යනිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ
කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ද ස්ථාපනය කර තිබෙව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීන් එම බලකායේ සෙසු සාමාජිකයින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ලබා දීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ. ලොරි, වෑන්, ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගී කර ගන්නා ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති ව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. අද උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් අසළ විශාල ලෙස රැස්ව සිටීම කොරෝනා වෛරසය පාලනයටබරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන්ගේ නිරීක්ෂණයට
ලක්ව තිබේ. ඒ අනුව, මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතිකොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය
ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (24) පස්වරු 2.00ට නිකුත් කරනු ලැබූ නිවේදනය පහත දැක්වේ.
